SEP
09
දෙඹර ප්‍රහාරයකින් දැරියක් මරු දකී

වවුනියාව, ඕමන්ත, නොච්චිමොටෙයි ප්‍රදේශයේ දී දෙඹර ප්‍රහාරයකට ලක්ව රෝහල්ගත කළ කුඩා දැරියක් ඊයේ (08) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තුන් හැවිරිදි දැරියක් බවයි වාර්තා වන්නේ.
අදාළ දැරිය සිය මිත්තණිය සහ සහෝදරිය ද සමඟ වගා ඉඩමක් වෙත ගිය අවස්ථාවේ මෙම දෙබර ප්‍රහාරයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
මියගිය දැරියගේ මිත්තණිය, මව සහ මාස තුනක් පමණ වන සහෝදරිය ද දෙබර ප්‍රහාරයට ලක්ව මේ වනවිට වවුනියාව රෝහලේ ප්‍රතිකාර ලබනවා.
927 Views
Comments