නායයෑමේ අනතුරු ඇඟවීම් ගැන විශේෂ නිවේදනයක්

නායයාමේ දෙවන මට්ටමේ අනතුරු ඇඟවිමේ නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක කිහිපයකට නිකුත් කර ඇත.
ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, නාගොඩ සහ බද්දේගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස මෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අදාළව එම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත්කර තිබේ.
එමෙන්ම ගාල්ල, කළුතර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක වල ප්‍රදේශ කිහිපයකට විමසිලිමත්වීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.
තවදුරටත් වර්ෂාව පැවතියහොත් නායයෑම්, බෑවුම් කඩාවැටීම්, ගල් පෙරලීම්, පොළොව ගිලාබැසීම් ආදි අනතුරු ඇතිවිම් පිළිබඳ අවදානයෙන් පසුවන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවට දැනුම්දී ඇත.
935 Views
Comments