සියලූ පාසල්වල ඉගැන්වීම් කටයුතු සාමාන්‍ය පරිදි

රජයේ සියලූ පාසල්වල 6 වන ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන්ට අද (02) සිට සාමාන්‍ය පරිදි පාසල් විවෘත කෙරෙනවා.
ඒ අනුව පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා සාමාන්‍ය වේලාව අනුව පාසල් පැවැත්වෙනු ඇති.
කෙසේවෙතත් පළමු ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා ප‍්‍රාථමික අංශයේ සිසුන්ට පාසල් යළි විවෘත වන්නේ සැප්තැම්බර් 8 වන සඳුදා දින සිටයි.
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ලබා දුන් නිවාඩුව අවසන් කරමින් ඉකුත් අගෝස්තු 10 වනදා සිට සියලූ රජයේ පාසල්වල අධ්‍යයන කටයුතු ආරම්භ කෙරුණා. කෙසේ වෙතත් එහිදී පාසැල් විවෘත කෙරුණේ අදියර කිහිපයක් යටතේයි.
1017 Views
Comments