අවම ප්‍රමිතිය ගැසට් නොකිරීම නිසා උ.පෙ. විෂයන් 3ම අසමත් පිරිසකටත් වෛද්‍ය පත්වීම් ලැබීමට නියමිතයි - GMOA
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
26

අවම ප්‍රමිතිය ගැසට් නොකිරීම නිසා උ.පෙ. විෂයන් 3ම අසමත් පිරිසකටත් වෛද්‍ය පත්වීම් ලැබීමට නියමිතයි - GMOA

අවම ප්‍රමිතිය ගැසට් නොකිරීම නිසා උ.පෙ. විෂයන් 3ම අසමත් පිරිසකටත් වෛද්‍ය පත්වීම් ලැබීමට නියමිතයි - GMOA

වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධ අවම ප්‍රමිතිය ගැසට් නොකිරීම නිසා වෛද්‍යවරුන් වීමට නුසුදුසු 76 දෙනෙකුට වෛද්‍ය පත්වීම් ලැබීමට නියමිතව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
රජයේ වෛද්‍ය විද්‍යාලයකින් නොවන දේශීය සහ විදේශීය වෛද්‍ය උපාධි ලැබූ 83 දෙනෙකුට වෛද්‍ය සභාවේ අනුමැතිය ඇතිව පත්වීම් ලබාදීමට නියමිතව ඇති බවත් ඔවුන් අතරේ ඉහත කී නුසුදුසු 76 දෙනා සිටින බවත් එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කළේය.
මෙම පිරිස අතරින් 30 දෙනෙකු අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිට තිබේද නැද්ද යන්නවත් සඳහන් නොවන බව පැවසූ ඒ මහතා තවත් 18 දෙනෙකු උසස් පෙළ විෂයන් තුනම අසමත් සහ ජීව විද්‍යා විෂයන් හදාරා නොමැති අය බවයි සඳහන් කළේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලිපිකාර තනතුරකට පත්වීමට පවා උසස් පෙළ සමත්ව තිබීම අත්‍යාවශ්‍යව තිබියදී උසස් පෙළ අසමත් පුද්ගලයින් වෛද්‍යවරුන් ලෙස පත්වුවහොත් මෙරට වෛද්‍ය ක්ෂේත්‍රය ලෝකය හමුවේ අප්‍රසාදයට ලක්වීම නොවැළැක්විය හැකි වනු ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේ බව පැවසුවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 

views

864 Views

Comments

arrow-up