20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අද කැබිනට් මණ්ඩලයට

අද කැබිනට් මණ්ඩලයට 20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පැවසීය.
නීති කෙටුම්පත් සම්පාදකවරයා විසින් සකස් කළ යෝජනාව මේ වනවිට නීතිපතිවරයාගේ අධීක්ෂණය සඳහා යොමු කර ඇති අතර එහි නිරීක්ෂණ අද දිනයේ ලැබෙනු ඇති බව ඒ මහතා සදහන් කරයි.
නව රජයේ පළමු කැබිනට් හමුවේදී 19 ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමින් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට අමාත්‍ය අනු කමිටුවක් පත් කෙරුණු අතර ඊට ජනාධිපති නීතිඥ අලි සබ්රි, නිමල් සිරිපාල ද සිල්වා, දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල හා මහාචාර්ය ජී එල් පීරිස් යන අමාත්‍යවරුන් ඇතුළත් විය.
අද පස්වරු 4 ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් හමුව පැවැත්වෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
798 Views
Comments