මත්පැන් නිෂ්පාදන සමාගම්වලට දැනුම් දීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
17

මත්පැන් නිෂ්පාදන සමාගම්වලට දැනුම් දීමක්

මත්පැන් නිෂ්පාදන සමාගම්වලට දැනුම් දීමක්

සුරාබදු දෙපාර්තමේන්තුව සියලු මත්පැන් නිෂ්පාදන සමාගම්වලට දැනුම් දී තිබෙන්නේ රජයට අය විය යුතු රුපියල් කෝටි ගණනක සුරාබදු නොගෙවූ ආයතනවල බලපත්‍ර තාවකාලිකව අත්හිටුවන බවයි.

 

 

සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ මෙලෙස සුරාබදු නොගෙවූ මත්පැන් සමාගම් කිහිපයකට එරෙහිව අධිකරණය හමුවේ නඩු පවරා තිබෙන අතර මේ වන විට එහිදී ඇති වූ එකඟතාවන් අනුව බදු මුදල් කොටස් වශයෙන් ගෙවනු ලබන බවයි.

 

 

සමාගම් කිහිපයක් අධිකරණමය කටයුතුවලින් තොරව ඇති වූ එකඟතාවන් අනුව හිඟ බදු මුදල් මේ වන විට ගෙවමින් පවතින බව සඳහන් වේ.

 

 

සුරාබදු කොමසාරිස් ජනරාල් සමන් ජයසිංහ මහතා පැවසුවේ ‘‘සුරාබදු දෙපාර්තමේන්තුව වෙත සුරාබදු ගෙවීම පැහැර හරින ලද මත්පැන් සමාගම්වලට, එම බදු කඩිනමින් ගෙවන ලෙස දැනටමත් දැනුම් ​දී තිබෙනවා. එම මුදල් ගෙවීම තවදුරටත් අදාළ සමාගම්වලින් පැහැර හැරියහොත්, ඔවුන්ට ලබාදී තිබෙන බලපත්‍ර තාවකාලිකව අත්හිටුවීමට සිදුවන බව ද දැනුම් දී තිබෙනවා’’ යන්නයි.

 

 

විගණකාධිපතිවරයාද වාර්තා කර තිබුණේ 2022 වර්ෂයේ අවසානය දක්වා ආයතන හතරකට අදාළව රුපියල් කෝටි දෙසිය තිස් අටකට අධික සුරාබදු මුදලක් වසර පහකට වැඩි කාලයක් අය කර නොමැති බවයි.

 

 

2023 වසරේ රජයේ අපේක්ෂිත සුරාබදු ආදායම රුපියල් ​බිලියන දෙසිය තිහකි.

 

 

views

218 Views

Comments

arrow-up