2023 මාර්තු 14 - අද දවසේ කාලගුණ වාර්තාව

ශ්‍රී ලංකාවේ කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය පවසන ආකාරයට, අද දවසේ නැගෙනහිර සහ ඌව පළාත් වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්ක වලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැක.
බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
පොතුවිල් සිට මඩකළපුව හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල ස්ථාන ස්වල්පයක වැසි ඇති විය හැක. පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
සුළං ඊසාන දෙසින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. 20-30 පමණ වේ. මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා, සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 40 දක්වා වැඩි විය හැක.
මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා, සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ සිට මද වශයෙන් රළු ස්වභාවය දක්වා වේ.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය | |||||
නගරය | උෂ්ණත්වය (සෙ. අංශක) | සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) | කාලගුණය | ||
උපරිම | අවම | උපරිම | අවම | ||
අනුරාධපුරය | 32 | 24 | 95 | 65 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |
මඩකලපුව | 29 | 22 | 95 | 75 | වැසි වාර කිහිපයක් |
කොළඹ | 32 | 24 | 95 | 70 | සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ |
ගාල්ල | 30 | 23 | 95 | 75 | සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ |
යාපනය | 30 | 24 | 85 | 70 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |
මහනුවර | 31 | 21 | 90 | 70 | සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක |
නුවරඑළිය | 21 | 13 | 95 | 70 | සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක |
රත්නපුරය | 33 | 22 | 95 | 60 | සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ |
ත්‍රිකුණාමලය | 29 | 25 | 90 | 75 | වැසි ස්වල්පයක් |
මන්නාරම | 33 | 26 | 90 | 65 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |
243 Views
Comments