අන්තර්ජාලය මගින් කුලී ගමනකට වාහන ගෙන්වා රියදුරු මත්කර වාහන සොරකම් කළ තරුණයෙක් අත්අඩංගුවට

අන්තර්ජාලය ඔස්සේ කුලී ගමනකට වාහනයක් වෙන්කරවා ගෙන ගොස් එහි රියදුරු මත්කර වාහනය සොරකම් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරු විසින් කුලී ගමනක් යන මුවාවෙන් රුපියල් 4,304,000ක් වටිනා වැගන්ආර් වර්ගයේ මෝටර් රථයක් එහි රියදුරු මත්වීම සඳහා පානයක් ලබාදී සොරකම් කර තිබේ.
ඒ සම්බන්ධව කෑගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යංශයට ලැබුණු තොරතුරක් මත එම විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඊයේ (26) මාවනැල්ල පොලිස් ස්ථානය වෙත ඉදිරපත් කළ බව පොලීසිය පැවසීය.
එලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා 33 හැවිරිදි එපිටවල, කිරිඇල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් මාවනැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
707 Views
Comments