ගල්කිස්සේ දී මෝටර් රථයක් හදිසියේ ම ගිනි ගනියි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
04

ගල්කිස්සේ දී මෝටර් රථයක් හදිසියේ ම ගිනි ගනියි

ගල්කිස්සේ දී මෝටර් රථයක් හදිසියේ ම ගිනි ගනියි

ඊයේ (03) රාත්‍රියේ කොළඹ ගාලුපාරේ ගල්කිස්ස ප්‍රදේශයේ දී මෝටර් රථයක් හදිසියේ ගිනි ගෙන විනාශයට පත්ව තිබේ.

 

මෝටර් රථයේ ගමන් කර ඇත්තේ එකම පවුලේ සාමාජිකයන් පිරිසක් වන අතර ගින්න ඇති වන අවස්ථාවේ දී ඔවුන් මෝටර් රථයෙන් ඉවතට පැන ඇති බව ද වාර්තා වේ.

 

ගින්නෙන් මෝටර් රථය සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

 

ගිනි නිවීමේ රථ යොදාගනිමින් ගින්න මැඩපවත්වා ඇති අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

views

223 Views

Comments

arrow-up