පුදිකුඩිඉරිප්පු වනාන්තරයකින් බොම්බ 21ක් හමුවෙයි

යුද සමයේදී එල්ටීටීඊ ත්‍රස්තවාදීත් මතු ප්‍රයෝජනය සඳහා ඉතා සූක්ෂම ලෙස සඟවා තබන ලද හඳුනා නොගත් බොම්බ 21ක් සහ මෝටාර් උණ්ඩයක් පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ(28) පුදිකුඩිඉරිප්පු උඩයාර්කට්ටු කැලෑ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
මුලතිව් නාවික හමුදා කදවුරේ බුද්ධි අංශ නිලධාරීන්ගෙන් ලැබුණු තොරතුරක් මත පුදිකුඩිඉරිප්පු පොලිස් වසමේ උඩයාර්කට්ටු කැලෑ ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකා මුලතිව් කඳවුරේ නිලධාරීන් මෙම වැටලීම සිදුකළ බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
අත්අඩංගුවට ගැණුනු බෝම්බ සහ මෝටාර් උණ්ඩය නිෂ්ක්‍රීය කර විනාශ කිරීමට අධිකරණ නියෝගයක් ලබා ගන්නා තෙක් පුදිකුඩිඉරිප්පු පොලිස් ස්ථානයට භාරදී තිබේ.
777 Views
Comments