සීමාව පැන්න ඉන්දීය ධීවරයින් 06ක් අත්අඩංගුවට

යාපනය, කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයේ සිදුකළ මුර සංචාරයකදී මෙරට මුහුදු සීමාව තුළට ඇතුළුවී අනවසර ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ඩව් යාත්‍රාවක් සමඟ ඉන්දීය ධීවරයන් 06 දෙනෙකු ඊයේ(19) අලුයම අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව සඳහන් කරයි.
උතුරු නාවික විධානයට අනුයුක්ත හතරවන වේග ප්‍රහාරක බලගණයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක් කෝවිලන් ප්‍රදීපාගාරයට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයේ සිදුකළ මුරසංචාරයක් අතරතුරදී අන්තර්ජාතික මුහුදු සීමාව උල්ලංඝනය කරමින් මෙරට මුහුදු සීමාව තුළ නීති විරෝධී ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ඩව් යාත්‍රාවක් සමඟ එහි සිටි ඉන්දීය ජාතික ධීවරයින් 06 දෙනෙකු මෙලෙස නාවික හමුදා භාරයට ගෙන ඇත.
634 Views
Comments