තවත් සභාපතිවරයෙක් අස්වීම භාර දී ගෙදර යයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
06

තවත් සභාපතිවරයෙක් අස්වීම භාර දී ගෙදර යයි

තවත් සභාපතිවරයෙක් අස්වීම භාර දී ගෙදර යයි

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සභාපති රෙජිනෝල්ඩ් කුරේ මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

 

රාජ්‍ය මාධ්‍ය ආයතන වන සභාපතිවරුන් සහ ඉහල නිලධාරීන් වෙනස් කිරීමට රජය පසුගියදා තීරණය කර තිබූ අතර එහිදී රූපවාහිනී සංස්ථාවේ සභාපති වරයා ලෙස සොනාල ගුණවර්ධන මහතා නම් කර තිබුණා.

 

ඔහු මීට පෙර ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළ අතර රෙජිනෝල්ඩ් කුරේ මහතාට ඔහු සමග තනතුර හුවමාරු කරගන්නා ලෙස දැනුම් දී තිබුණා.

 

කෙසේ නමුත් මෙම තනතුරු මාරුවට තමා එකඟ නොවන බව පවසමින් රෙජිනෝල්ඩ් කුරේ මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

views

2149 Views

Comments

arrow-up