සී.අයි.ඩී ගිය තෙල් ඇමති
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
19

සී.අයි.ඩී ගිය තෙල් ඇමති

සී.අයි.ඩී ගිය තෙල් ඇමති

බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඊයේ(18) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

 

ඒ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සංකීර්ණයේ ක්‍රියාකාරකම් පිළිබඳව සොයා බලන ලෙස ඉල්ලමිනුයි.

 

ඉන්ධන ප්‍රසම්පාදනය, යෝජනා ඇගයීම, ඇණවුම් ලබා නොදීම, සැපයුම්කරුවන් තෝරාගැනීම, ගෙවීම ප්‍රමාද කිරීම සහ බෙදා හැරීම, අක්‍රමිකතා මෙන්ම විවිධ පුද්ගලයන් විසින් කරන ලද චෝදනා විමර්ශනය කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලූ බව අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

views

192 Views

Comments

arrow-up