දියණිය සොයාදෙන්නැයි පියෙකු විදුලි කණුවක් මත උපවාසයේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
25

දියණිය සොයාදෙන්නැයි පියෙකු විදුලි කණුවක් මත උපවාසයේ

දියණිය සොයාදෙන්නැයි පියෙකු විදුලි කණුවක් මත උපවාසයේ

අතුරුදහන් වී ඇති තම 15 හැවිරිදි දියණිය සොයා දෙන ලෙස පොලිසියට බල කරමින් ගලේවෙල කුඩාවැව ප්‍රදේශයේ පියෙකු අධි බලැති විදුලි කණුවක් මත නැගී උපවාසයක් ආරම්භ කර තිබෙනවා.

තම දියණිය තරුණයකු සමග පලා ගොස් ඇති බවට ගල්කිරියාගම පොලිසියට පැමිණිලි කළත් ඔවුන් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් නොගන්නා බවයි අදාල පියා සඳහන් කර සිටින්නේ.

ඔහු ඊයේ(24) දහවල් කාලයේ සිට අඩි 150 ක් උසින් යුත් අධි බලැති විදුලි කණුවක නැඟ උපවාසයක නිරතවනවා.

කෙසේවෙතත් ගල්කිරියාගම පොලිසිය ඊයේ පස්වරුවේ පැමිණ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවට දැනුම් දුන්නත් දියණිය සොයා දෙන තුරු උපවාසය අත් නොහරින බවයි ඔහු ප්‍රකාශ කර සිටින්නේ.

views

238 Views

Comments

arrow-up