“ඉන්ධන හිඟය ඉදිරි දින වලදී උග්‍ර වෙනවා” - ඛනිජ තෙල් සංස්ථාව

ඩීසල් හා පෙට්‍රල් නෞකා තුනක්ම මේ වනවිට ගෙන්වා ගැනීමට සමත්ව තිබුණත් පෙට්‍රල් හා ඩීසල් හිඟය ඉදිරි දින දෙක තුනේදී තවත් උග්‍ර වනු ඇතැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරීහු කියා සිටිති.
මීට හේතුව වී ඇත්තේ හඳුන්වාදී තිබෙන විශේෂ ඇප් එක තාමත් පරීක්‍ෂණ මට්ටමේ තිබීම හා ඊට සංශෝධන කිහිපයක් එක්කරන තෙක් ඉන්ධන බෙදාහැරීම ප්‍රමාද වීමයි.
මේ වනවිට ලංගම සතුව ඇති ඩීසල් සංචිතද විශාල ලෙස පහළ බැස ඇත.
කෙසේ වෙතත් ඉන්දීය තෙල් සමාගම මෙරට සමස්ත ඉන්ධන අවශ්‍යතාවයෙන් සියයට 10ක පමණ ප්‍රමාණයක් සපුරාලන බවත් එම සමාගම නොතිබුණේ නම් අත්‍යවශ්‍ය සේවා මෙන්ම සියලු ප්‍රවාහන කටයුතු සති දෙකකට පෙර නතරවීමට තිබූ බව ද එම නිලධාරීහු පවසති.
329 Views
Comments