ඉන්ධන අර්බුදයෙන් ධීවර කර්මාන්තයට බලපෑම්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
18

ඉන්ධන අර්බුදයෙන් ධීවර කර්මාන්තයට බලපෑම්

ඉන්ධන අර්බුදයෙන් ධීවර කර්මාන්තයට බලපෑම්

පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් ධීවර කර්මාන්තය විශාල ලෙස අඩාල වීමත් සමග ධීවරයන් විවිධ ගැටලු වලට මුහුණ පා සිටින බව වාර්තා වෙනවා.

 

ප්‍රදේශයේ ධීවර පවුල්වලට ඉන්ධන ලබා ගැනීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් බලපත්‍ර ලැබී තිබුනත් ඉන්ධන ප්‍රමාණවත් පරිදි නොලැබෙන බවයි ධීවරයන් චෝදනා කර සිටින්නේ.

 

මෙම අර්බුදයත් සමඟ රටේ මත්ස්‍ය අපනයනය ට විශාල බාධාවක් එල්ල වී ඇති බැවින් විදේශ විනිමය ගෙන ඒමේ අවස්ථාව ද මග හැරී ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පෙන්වා දෙන්නේ.

 

ඒ හේතුවෙන් මත්ස්‍ය පරිභෝජනය අඩු වීම මගින් ජනතාවගේ පෝෂණ මට්ටම ද පහළ යාමට ඉඩ ඇති බවත් ඔහු තවදුරටත් පෙන්වා දෙනවා.

 

views

267 Views

Comments

arrow-up