JUL
15
අර්බුධයට හේතුව සඟ උපදෙස් නොතැකීමයි - අස්ගිරි පාර්ශ්වය -

පවතින අර්බුදකාරී තත්ත්වයට හේතුව මහා සංඝරත්නයේ අනුශාසනා පිළිනොගැනීම බව අස්ගිරි පාර්ශවයේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් ප්‍රකාශ කර සිටිනවා.
පක්ෂ දේශපාලනය පසෙක දමා රට ගැන සිතා කටයුතු කිරීම සියලු දේශපාලනඥයින්ගේ වගකීමක් බවත් උන්වහන්සේ තව දුරටත් ප්‍රකාශ කර සිටියා.
එසේම රට තුළ මෙලෙස අර්බුදකාරී තත්ත්වයක් සැකසූ සියලු පාර්ශවයන් එක්වී මෙතැන් සිට ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීමට කටයුතු කලයුතු බවයි උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
278 Views
Comments