රාජ්‍ය නිලධාරීන්ගේ විදේශ ගමන් අත්හිටුවයි

සියලුම රාජ්‍ය නිලධාරීන්ගේ විදෙස් ගමන් මුදල් අමාත්‍යාංශය විසින් වහාම ක්‍රියාත්මක වන ලෙස අත්හිටුවා තිබෙනවා.
සේවා ව්‍යවස්ථාවලට අදාළව පවත්වනු ලබන පාඨමාලාවල දී විදේශීය අධ්‍යයන චාරිකා සහ ක්ෂේත්‍ර චාරිකා ඉවත් කර එම පාඨමාලා නැවත සැලැසුම් කර ඇස්තමේන්තු සකස් කළ යුතු බවට දැනුම් දෙමින් මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, සියලු රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල සභාපතිවරුන් වෙත මේ බව දැනුම් දී ඇත.
ජාතික අයවැය චක්‍රලේඛ අංක 05/2020 යටතේ ‘‘2021-2023 මාධ්‍ය කාලීන රාමුව යටතේ වාර්ෂික අයවැය ඇස්තමේන්තු පිළියෙල කිරීම සඳහා මාර්ගෝපදේශය’’ නමින් චක්‍රලේඛයක් නිකුත් කරමින් භාණ්ඩාගාර ලේකම්වරයා මේ බව සඳහන් කර සිටියි.
846 Views
Comments