විදුහල්පතිවරයා පාසල් සිසුවියට කොසු මිටකින් පහර දෙයි. සිසුවිය රෝහලේ

හැටන් කොටගල බෝගහවත්ත ප්‍රදේශයේ පාසලක 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියකට එම විදුහලේ විදුහල්පතිවරයා විසින් කොසු මිටකින් පහරදී තිබේ.
පහරකෑමෙන් තුවාල ලැබූ පාසල් සිසුවිය කොටගල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්ඔය මූලික රෝහල වෙත මාරුකර යවා තිබේ.
පාසලේ පැවැත්වීමට නියමිතය ගුරු උපහාර උළෙලක් සඳහා රුපියල් 300ක මුදලක් එම පාසලේ ම අධ්‍යාපනය ලබන මෙම සිසුවියගේ සහෝදරයා විසින් නොගෙවීම සම්බන්ධයෙන් විදුහල්පතිවරයා විසින් සිසුවියගේ සහෝදරයාට පරුෂ වචනයෙන් බැණ වැද තිබේ.
එහිදී දැරිය “සර් මල්ලිට බනින්න එපා. තාත්තා මේ ළඟ වැඩ කරන්නේ. මම තාත්තාට කියලා සල්ලි ඉල්ලා දෙන්නම්” කියන අවස්ථාවේදී විදුහල්පතිවරයා විසින් ඇයට කොසු මිටකින් පහරදී තිබේ.
සිසුවිය වේදනාවෙන් කෑගසන අවස්ථාවේ දී පාසල වෙතට දිව ආ ඇගේ පියා විසින් විදුහල්පතිවරයාගෙන් ඇයව බේරා ගෙන තිබේ.
පසුව දැරිය රෝහල් ගත කර තිබේ.
දිඹුල පතන පොලීසිය විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
271 Views
Comments