ආහාර නැති අය ජනාධිපති කාර්යාලයට අමතන්නැයි නිවේදනයක්.

ආහාර සපයා ගැනීමට මුදල් නොමැතිකම හේතුවන් ශිෂ්‍ය නායිකාවක් දිවා ආහාර සඳහා කළටි පොල්මද රැගෙන ඒමේ සිදුවීමක් පිළිබඳ ජාතික පුවත්පත්වල සහ සමාජ මධ්‍යයන්හි පළවන ප්‍රවෘත්තිය පිළිබඳ ජනාධිපති කාර්යාලයේ අවධානය යොමුව ඇත.
අනුව මිනුවන්ගොඩ කලාප අධ්‍යක්ෂ වජිර රණරාජා, ගම්පහ දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද, දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්, මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ දිවුලපිටිය අධ්‍යාපන කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහ කෝංගොඩමුල්ල ශාන්ත අන්තෝනි කණිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිනිය හා එම සිදුවීමට අදාළ සිසුවිය ජීවත්වන ග්‍රාම නිලධාරී වසමේ ග්‍රාම නිලධාරී හා සංවර්ධන නිලධාරී යන සියලු නිලධාරීන්ගෙන් ලබාගත් තොරතුරු අනුව එවැනි සිදුවීමක් වාර්තා වී නොමැති බවට කරුණු තහවුරු විය.
233 Views
Comments