පොලිසියේ පැමිණිල්ල දානවිටම තරුණියට වාසනාව පෑදිලා

නුවරඑළිය සති පොළ ආසන්නයේ වැටී තිබු රු. එක්ලක්ෂ විසි දෙදහස් තුන්සිය පනස් තුනක මුදලක්ල බැංකු කාඩ්පතක් ඇතුළු අත්‍යාවශ්‍යය ලියකියවිලි සහිත පසුම්බියක් අහුලා ගත් තරුණියක් එම මුදල් පසුම්බිය අයිතිකරු සොයා භාරදෙන ලෙස නුවරඑළිය පොලිසිය වෙත (14) භාර දී ඇත.
කැප්පෙටිපොළ ප්‍රදේශයේ පදිංචි නුවරඑළිය ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ ලිපිකාරිනියක් ලෙස සේවය කරන ගයනි ජයසේකර යන තරුණිය (14) දින සේවයට පැමිණෙන අවස්ථාවේ නුවරඑළිය සතිපොළට හැරෙන මංසන්දිය අසලදී බිම වැටී තිබු මුදල් මෙම පසුම්බියක් අහුලා තිබේ.
පොලිස් නිලධාරින් විසින් මුදල් පසුම්බිය පරීක්ෂා කර බලා එහි අනන්‍යතාවය ඔප්පු කිරීමෙන් පසුව එය කඳපොළ ප්‍රදේශයේ පදිංචි කාන්චනා ලක්මාලි යන අයට අයත් බව අනාවරණය කරගෙන ඇත.
මුදල් පසුම්බියේ අයිතිකාරිය නුවරඑළිය පොලිසිය වෙත පැමිණ නැති වූ මුදල් පසුම්බිය සොයා දෙන ලෙස පැමිණිලි කිරීමට පොලිසියට පැමිණි තිබේ. එම අවස්ථාවේ මුදල් පසුම්බිය නුවරඑළිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඉදිරියේ අයිතිකාරියට ලබාදීමට කටයුතු කරන ලදී.
412 Views
Comments