බිස්කට් අලෙවිය හොදටම බහී.. ප‍්‍රධාන සමාගමක් පොත් ප‍්‍රදර්ශණයේ නොමිලේ බිස්කට් බෙදයි..

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී මේ දිනවල පැවැත්වෙන පොත් ප්‍රදර්ශනයට සමගාමීව මෙරට ප්‍රධාන පෙලේ සමාගමක් විසින් නොමිලේ බිස්කට් බෙදා දීමක් සිදු කරමින් තිබේ.
මෑතකදී එම සමාගම විසින් තම නිෂ්පාදන වල මිල අඩු කළ බවට ප්‍රසිද්ධ දැන්වීම් පළ කළේය.
මෙරට බිස්කට් සමාගම් තම නිෂ්පාදන වල මිල විශාල වශයෙන් ඉහළ දැමීමත් සමඟ පාරිභෝගිකයන් බිස්කට් මිලට ගැනීම අතහැර දැමීය.
ඒ සමගම එම සමාගම් වැසී යන තැනට පත්විම හේතුවෙන් සමාගම් සියල්ල ඒකාබද්ධව මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ බිස්කට් මිලදී ගැනීමෙන් වැළකී සිට තම සමාගම් බිඳ නොදමන ලෙසයි.
280 Views
Comments