“අම්මේ... මගේ මුලු‍ ඇඟම රිදෙනවා”‍ - අවුරුදු අටේ දැරිය බරපතළ අපයෝජනයට ලක්කල පාපතර සුළු පියා
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
23

“අම්මේ... මගේ මුලු‍ ඇඟම රිදෙනවා”‍ - අවුරුදු අටේ දැරිය බරපතළ අපයෝජනයට ලක්කල පාපතර සුළු පියා

“අම්මේ... මගේ මුලු‍ ඇඟම රිදෙනවා”‍ - අවුරුදු අටේ දැරිය බරපතළ අපයෝජනයට ලක්කල පාපතර සුළු පියා

වයස අවුරුදු 08ක දැරියකට අවස්ථා කිහිපයකදී බරපතළ ලිංගික අපයෝජන කළ පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

 

සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ මවගේ දෙවැනි විවාහයේ ස්වාමි පුරුෂයා සැකපිට අත්අඩංගුවට ගත් බව මොරටුව පොලීසිය පැවසීය. 

 

සැකකරු 44 හැවිරිදි චමින්ද කුමාර නමැති මොරටුව, රාවතාවත්ත, පොල්කොටුව පාරේ නිවසක පදිංචි පෙදරේරුවෙකි.


සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කර ඇති දැරියගේ මව පවසා ඇත්තේ,


”‍මම ඔහු සමග මීට වසර 03කට පමණ ඉහතදී විවාහ වුණා. කලින් විවාහයේ අවුරුදු 8ක දැරියක් සහ දෙවැනි විවාහයෙන් අවුරුදු 2ක පුතෙක් මට සිටිනවා.”‍ ”‍පසුගිය ඉරිදා දැරියට දහම් පාසල් යෑමට ලෑස්ති වෙන්න කිව්වා, දුව කිව්වා, “මගේ මුලු‍ ඇඟම රිදෙනවා අම්මේ. කියලා, එහෙත් මගේ බලකිරීම මත දැරිය දහම් පාසල් ගියා.”‍

 

දහම් පාසල් නිමවී නිවස වෙත පැමිණ ඇති දැරිය සවස ඉංග්‍රීසි පන්තියකට ගොස් ඇති අතර එහිදී තමාගේ ශරීරයේ දැඩි වේදනාවක් ඇති බව දැරිය විසින් ඉංග්‍රීසි ගුරුවරියට පවසා ඇත. ඒ අනුව ගුරුවරිය විසින් මවට ඒ පිළිබඳව දැනුම්දී දැරියට ප්‍රතිකාර ලබාදෙන ලෙස පවසා තිබේ.

 

පසුව මව විසින් දැරියව නිවසට රැගෙන ඒමෙන් පසු අසනීප තත්ත්වයට හේතු විමසා ඇති අතර එහිදී දැරිය සිදුවූ අපරාධය පිළිබඳ අනාවරණය කර ඇත. 


සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුව ඊයේ මොරටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එහිදී ලබන 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

views

1323 Views

Comments

arrow-up