ගාල්ල කරාපිටිය ප්‍රදේශයේදී පොලීසියට අත්බෝම්බ ප්‍රහාරයක්

සැකකරුවන් දෙදෙනෙක් ගාල්ල කරාපිටිය ප්‍රදේශයේදී පොලීසියට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කර පළායමට උත්සාහ කරමින් සිටින අවස්ථාවේ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
සැකකරුවන් අද (11) ගාල්ල අතිරේක මහෙස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් ලබන 21 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බව සඳහන් වේ.
අක්මීමන පොලීසියේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඊයේ (10) රාත්‍රී ජංගම මුර සංචාරයක යෙදී සිටින අතරතුර මාර්ගයේ නවතා තිබූ යතුරු පැදියක් අසල සිටි පුද්ගලයින් දෙදෙනෙකු පරීක්ෂා කිරීමට උත්සහ කිරීමේදී එක් සැකකරුවෙකු පොලීසිය දෙසට අත්බෝම්බයක් විසි කිරීමට උත්සාහ කර තිබුණි.
එහිදි පොලීසිය සිදුකළ වෙඩිතැබීමකින් ඔහු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කරනු ලැබීය.
පසුව අනෙකු සැකකරු ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔවුන් සතුව තිබී ජීව අත්බෝම්බයට අමතරව ටී - 56 ගිනිඅවි සඳහා යොදාගන්නා උණ්ඩ 105ක් ද පොලීසිය විසින් සොයාගෙන ඇත.
233 Views
Comments