රිය අනතුරකින් යුවලක් මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
17

රිය අනතුරකින් යුවලක් මරුට

රිය අනතුරකින් යුවලක් මරුට

බුත්තල කුඩාඔය ප්‍රදේශයේදී ප්‍රසූතියට දින තුනක් පමණ තිබූ ගැබිනි මවක් සිය සැමියා සමග මාර්ගයේ ගමන් කරමින් සිටියදී වෑන් රථයක් ඔවුන්ගේ ගැටී සිදුවූ අනතුරකින් එම යුවල සහ කුසේ සිටි දරුවා මරණයට පත්වී තිබෙනවා.

 

අනතුර සිදු කළ වෑන් රථය නොනවත්වා ම ඉදිරියට ධාවනය කර ඇති අතර පසුව එය කුකුරම්පොල ප්‍රදේශයේ සඟවා තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

 

මෙම සිද්ධියට සම්බන්ධ සැකකාර රියැදුරු වහා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් ප්‍රදේශවාසීහු පිරිසක් වැල්ලවාය මොනරාගල මාර්ගය බුත්තල ප්‍රදේශයෙන් පාර වසා විරෝධතාවක නිරතවීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනයටද බාධා ඇතිවුණා.

views

303 Views

Comments

arrow-up