ඇමතිගේ තනි කැමැත්තට විදුලිබිල වැඩිකරන්න බෑ -ඕමල්පේ සෝභිත හිමි

ආර්ථික අර්බුදය හමුවේ ජාතික විදුලි පරිභෝජනය අඩු වී ඇති පසුබිමක විදුලි ගාස්තු ඉහළ නැංවීමේ කිසිදු සාධාරණ අවශ්‍යතාවයක් නොමැති බව ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පෙන්වා දෙයි.
මහජන සභාව සංවිධාන කළ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දුන්නේ, එලෙස විදුලි ගාස්තු ඉහළ නැංවීමට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා නීතිඥවරුන්ට ඇරියුම් කරන බවය.
“විදුලිබල මණ්ඩලයට අතීතයේ සිදු වූ අලාභ පියවා ගන්න අමාත්‍යවරයාට තියෙන එකම ක්‍රියාමාර්ගය බවට පත්වෙලා තියෙන්නේ බිල වැඩිකිරීම මගින් ජනතාවට තවත් බර පැටවීම. මේ පසුගිය දා විදුලිබිල වැඩිකිරීම තත්ත්වය උසුලා ගැනීමට නොහැකිව ජනතාව දැන් 10%කින් විදුලි පරිභෝජනය අඩුකරලා කියලා වාර්තාවක් එනවා. ඒ විතරක් නෙමෙයි 16%ක් කර්මාන්ත අත්හිටුවලා කියලා වාර්තාවක් එනවා. මේ කිසිදු තත්ත්වයක් පිළිබඳ සංවේදීකමක් නැති ජනවෛරී අමාත්‍යවරයා කල්පනා කරන එකම දේ තමා මහජනතාවට බරපටවලා අලාභ පියවා ගන්න.
213 Views
Comments