වැරදි පැත්තෙන් ආ වෑන් මාරයා යතුරුපැදිවල ගිය තරුණයින් තිදෙනෙක් බිලි ගත් හැටි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
12

වැරදි පැත්තෙන් ආ වෑන් මාරයා යතුරුපැදිවල ගිය තරුණයින් තිදෙනෙක් බිලි ගත් හැටි

වැරදි පැත්තෙන් ආ වෑන් මාරයා යතුරුපැදිවල ගිය තරුණයින් තිදෙනෙක් බිලි ගත් හැටි

කෑගල්ල කොළඹ මාර්ගයේ. රංවල මංසන්ධියේදී 09 දින රාත්‍රි 10.45 ට පමණ වෑන් රථයක් හා යතුරුපැදි 03ක් මුහුණට මුහුණ ගෑටීමෙන් යතුරු පැදිවල ගමන්ගත් පස් දෙනෙකූගෙන් තිදෙනෙකූ එම ස්ථානයේදීම මියගොස් ඇති අතර අනිත් දෙදෙනා බරපතළ තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර පසුව මහනුවර මහ රෝ හල වෙත යවා ඇති බව කෑගල්ල පොලීසිය පැවසීය.



මෙම තුවාල ලත් දෙදෙනා යතුරුපැදිවල පසුපස සිටි අයයි. මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ. වරකාපොල. තුල්හිරිය. නාන්ගල්ල පදිංචිව සිටි මොහමඩ් මිල්හාර් (27) මොහමඩ් ඉල්වර් මොහමඩ් අල්පාස්(27) මොහමඩ් නිසාර්. මොහමදු සප්රාස් (27) අයයි.



කොළඹ සිට මුස්ලිම් කාන්තාවන් පිරිසක් රැගෙන මහනුවර දෙසට ධාවනය. වූ වෑන් රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මාවනැල්ල සිට වරකාපොල දක්වා ගමන් කළ යතුරුපැදි තූනක ගැටී මෙම අනතුර සිදුවී ඇති බව පොලිසිය පැවසීය.



මෙම යතුරුපැදි වල පස් දෙනෙකූ පැමිණ ඇති අතර ඔවුන් නියමිත මාර්ග තීරුවේ පැමිණ ඇත.

 

වෑන්රියද දකුණු පසට බරව පෑමිණ මෙම යතුරුපැදි වල ගැටී ඇති බවත් වෑන් රථයේ රියදුරුගේ අපරික්ෂාකාරී හා නොසැලකිලිමත්කම නිසා මෙම අනතුර සිදුවු ඇති බව පොලිසිය පැවසීය.



වෑන් රථයේ රියදුරු වන දෙමටගොඩ පදිංචි අබ්දුල් කාදර් අබ්දුල් රහුමන් (20) නැමැති අය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන වැඩබලන මහෙස්ත්‍රත් මැල්කම් මචාඩො මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

 

views

289 Views

Comments

arrow-up