අස්වැසුම වැඩසටහන ගැන රජයෙන් අලුත් තීරණයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
23

අස්වැසුම වැඩසටහන ගැන රජයෙන් අලුත් තීරණයක්

අස්වැසුම වැඩසටහන ගැන රජයෙන් අලුත් තීරණයක්

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසන්නේ අස්වැසුම වැඩසටහන සඳහා අඩු ආදායම්ලාභීන් තෝරාගැනීමේ සමීක්ෂණයේදී අඩුපාඩුවක් වී ඇත්නම් එය නිවැරදි කිරීම සිදුකරන බවයි.

 

 

එම වැඩසටහන තුළින් අඩු ආදායම්ලාභීන් හා රෝගවලට ගොදුරු වූ පුද්ගලයින් ඉවත් කිරීම කිසිදු ආකාරයකින් සිදුනොකරන බව ඔහු පැවසුවේය.

 

 

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ පෙරට වඩා වැඩි අඩු ආදායම්ලාභීන් සංඛ්‍යාවකට ප්‍රතිලාභ ලබාදීමේ අරමුණින් අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි.

 

 

අද (23) පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරුවරුන් කිහිප දෙනෙකු විසින් අස්වැසුම වැඩසටහන සඳහා ආදායම්ලාභීන් තෝරාගැනීමේ සමීක්ෂණයේදී අඩුපාඩු සිදු වී ඇති බවට සිදුකළ ප්‍රකාශවලට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.

 

 

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ වැඩසටහන සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දී ඇති බවයි.

 

 

views

535 Views

Comments

arrow-up