ආර්ථික ශක්තියක් නොමැති පවුල් ලක්ෂ 20 කට සහල් ප්‍රදානයක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
12

ආර්ථික ශක්තියක් නොමැති පවුල් ලක්ෂ 20 කට සහල් ප්‍රදානයක්

ආර්ථික ශක්තියක් නොමැති පවුල් ලක්ෂ 20 කට සහල් ප්‍රදානයක්

මාර්තු සහ අප්‍රේල් මාස දෙක සඳහා ආර්ථික ශක්තියක් නොමැති පවුල් ලක්ෂ 20 කට සහල් කිලෝ 10 බැගින් ලබාදෙන බව ජනාධිපතිවරයා පවසයි.

 

අද (12) පෙරවරුවේ යාපනය, පරන්තන් වෙල්යායේ දී පැවති උතුරු පළාතේ අස්වනු නෙළීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

 

ඒ අනුව අලුත් අවුරුදු සමය වෙනුවෙන් එම පවුල් වෙත සහල් කිලෝ ග්‍රෑම් 20 ක් ලැබෙන බව වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා සිටියේ ය.

views

217 Views

Comments

arrow-up