JAN
20
සබරගමුව මහ සමන් දේවාලයේ පඬුරු සොරකමේ විමර්ශන CID යට

සබරගමුව මහ සමන් දේවාලයේ පඬුරු හොරකම් කිරීමේ සිද්ධියට අදාළ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ සිදුකිරීමට පොලිස්පතිවරයා නියෝග කර තිබේ.
පසුගිය 8 වනදා සහ 9 වනදා අතර කාලසීමාවේ දී මෙම සොරකම සිදුව ඇති බවට පැමිණිලි ලැබී තිබූ අතර ඒ අනුව මේ දක්වා විමර්ශන සිදුකළ රත්නපුර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය සිද්ධියට අදාළව පුද්ගලයන් 20 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි.
තවද සබරගමුව මහ සමන් දේවාලයේ පඬුරු බහාලූ ගෝනි තබා තිබූ කාමරයෙහි CCTV කැමරා සවිකර තිබුණත් ඒවා අක්‍රිය වී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
209 Views
Comments