හිටපු ජනපතිගේ ධජය සොරාගත් පුද්ගලයා රක්ෂිත බන්ධනාගාරයට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
30

හිටපු ජනපතිගේ ධජය සොරාගත් පුද්ගලයා රක්ෂිත බන්ධනාගාරයට

හිටපු ජනපතිගේ ධජය සොරාගත් පුද්ගලයා රක්ෂිත බන්ධනාගාරයට

ජනාධිපති නිල ධජය සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා අගෝස්තු 5 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද(30) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

පසුගිය ජූලි නව වැනිදා කොළඹ කොටුව ජනාධිපති මන්දිරයට ඇතුලු වූ මෙම පුද්ගලයා එහි තිබූ ධජය සොරා ගෙන එය ඇද ඇතිරිල්ල ලෙස භාවිතා කරන අයුරු ඇතුලත් වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ නිකුත් කර තිබුණා.

පසුව සැකකරු ඊයේ(29) උදෑසන නීතිඥයෙකු මාර්ගයෙන් වේල්ල වීදිය පොලීසියට පැමිණ බාරවී තිබුණා.

උදේනි කලුතන්ත්‍රි නම් මෙම පුද්ගලයා වරාය ආරක්ෂක නිලධාරියෙකු වන අතර සමගි ජන බලවේගය වරාය වෘත්තීය සමිතියේ හිටපු සභාපතිවරයායි.

views

271 Views

Comments

arrow-up