යාපනයේ නිවසකට පහරදුන් ආවා කල්ලි සාමාජිකයින් තුනක් දැලේ
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
18

යාපනයේ නිවසකට පහරදුන් ආවා කල්ලි සාමාජිකයින් තුනක් දැලේ

යාපනයේ නිවසකට පහරදුන් ආවා කල්ලි සාමාජිකයින් තුනක් දැලේ

යාපනය, මනිපායි නිවසකට කඩුවලින් පහරදී අලාභහානි කර එම නිවස ඉදිරිපිට නවතා තිබු යතුරු පැදියකට ගිනි තබා හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු ඊයේ(17) යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

මොවුන් යාපනයේ ක්‍රියාත්මක ආවා කල්ලි සාමාජිකයින් බවත් ඔවුන් පහර දී ඇත්තේ ඔවුන්ගේ ප්‍රතිවිරුද්ධ කල්ලියක් වන ධනුරොක් කල්ලියේ සාමාජිකයෙකුගේ නිවසකට බවත් පොලිසිය කියයි.

 

සැකකරුවන් තිදෙනා සම්බන්ධයෙන් ලද තොරතුරු මත නවාලි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

 

පසුගිය දෙසැම්බර් මස 15 වැනි දින රාත්‍රියේ සැකකරුවන් මෙම නිවසට කඩා වැදී ප්‍රහාරය එල්ල කර ඇතැයි පොලිසිය කියයි.

 

මොවුන් ප්‍රහාරයට භාවිතා කළ කඩු දෙකක් සහ යතුරු පැදියක්ද පොලිසිය බාරයට ගෙන තිබේ.

views

714 Views

Comments

arrow-up