වේයන් නිසා පානදුර රෝහලට වෙන දේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
27

වේයන් නිසා පානදුර රෝහලට වෙන දේ

වේයන් නිසා පානදුර රෝහලට වෙන දේ

වේයන් හානි කිරීම හේතුවෙන් පානදුර මුලික රෝහලේ දැඩි සත්කාර ඒකකය තාවකාලිකව වසා දමා ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි. වසර 50කට වැඩි පැරණි ගොඩනැගිල්ලක මෙම දැඩි සත්කාර ඒකකය ස්ථාපිත කර ඇති අතර එය දැඩි සත්කාර ඒකකයකට සුදුසු තත්ත්වයක නොමැති බව රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

 

 

වේයන් විසින් ගොඩනැගිල්ලේ බිත්ති සහ වහලට හානි සිදු කර ඇත.

 

 

කෙසේ වෙතත්, මෙම ගැටලුව හේතුවෙන් ශල්‍යකර්මවලට භාජනය වන රෝගීන්, රිය අනතුරුවලට ලක්වූවන් සහ අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන රෝගීන් සඳහා ඇඳන් වෙන් කිරීමේදී කාර්යාල මණ්ඩලය ද දැඩි අපහසුතාවකට පත්ව ඇති බවයි.
 

 

පවතින තත්ත්වය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කර ඇති බව රෝහල් ජ්‍යෙෂ්ඨයෙකු සඳහන් කළේය.

views

201 Views

Comments

arrow-up