මීගමුව ප්‍රාදේශීය ලේකම් නිල නිවස තුළ අභිරහස් ලෙස මිය යයි

මීගමුව ප්‍රාදේශීය ලේකම් අයේෂ් පෙරේරා සිය නිල නිවස තුළදී අභිරහස් ලෙස මියගොස් තිබේ. ඔහු 42 හැවිරිදි වියේ පසුවූ විවාහකයෙකි.
අද උදෑසන හදිසි රාජකාරියක් සඳහා පිටත්ව යාමට සේවකයෙකු ඔහුගේ නිල නිවසට පැමිණ ඇති අතර එහි කාමරයක් තුළ ප්‍රාදේශීය ලේකම්වරයා ගෙළවැලලාගෙන සිටිනු දැක පොලීසියට දැනුම්දී තිබේ.
අදාළ මරණය ඝාතනයක් ද සියදිවි හානිකර ගැනීමක් ද යන්න සම්බන්ධයෙන් සෙවීම සඳහා පොලීසිය විමර්ශනයක් ආරම්භ කර ඇති අතර මීගමුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
391 Views
Comments