MAY
23
කසල තේ කිලෝ 370 ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

ආගරපතන ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස කසල තේ තොගයක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්යය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම පුද්ගලයා ජීප් රථයක් මගින් ඩයගම සිට නුවරඑළිය දක්වා එම කසල තේ තොගය ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ..
කසල තේ කිලෝ 370 ක් අදාළ ජීප් රථයේ තිබී පොලිස් විශේෂ කාර්යය බලකාය භාරයට ගෙන ඇති බව වාර්තා වේ.
සැකකරු නුවරඑළිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු වැඩිදුර විමර්ශන සඳහා ආගරපතන පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
232 Views
Comments