76 හැවිරිදි චීවරධාරියෙක් දැරියකට සිදු කල අපරාධය
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
11

76 හැවිරිදි චීවරධාරියෙක් දැරියකට සිදු කල අපරාධය

76 හැවිරිදි චීවරධාරියෙක් දැරියකට සිදු කල අපරාධය

අට හැවිරිදි දැරියක දූෂණය කිරීම සමිබන්ධයෙන් අක්මීමණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින 76 හැවිරිදි විහාරාධිපති හිමිවරයෙකු බව කියන චීවරධාරියා තවදුරටත් 22 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමටත් දැරිය ළමා නිවාසයේ රඳවා තැබීමටත් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් නියෝග කළේය.

 

 

මෙසේ රිමාන්ඩ් බන්ධනාගාරගත කරනු ලැබුවේ මහනුවර සුගතරතන නැමැති 76 හැවිදි චීවරධාරියෙකි.

 

 

බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකාර චීවරධාරියා අධිකරණයට ඉදිරිපත් කරමින් පවසා සිටියේ සැකකාර චීවරධාරියාගේ මානසික වෛද්‍ය වාර්තාව තවමත් ලැබී නොමැති බවය.

 

 

මෙම සැකකාර විහාරාධිපති චීවරධාරියා, විහාරස්ථනය අසල පිහිටි නිවසක කාමරය තුළට කැඳවා  කුඩා දැරිය දූෂණය කරමින් සිටියදි එය දුටු පුද්ගලයෙකු පොලිසියට දැනුම්දීමෙන් පසු වහා ක්‍රියාත්මක වු පොලිසිය පැමිණ සැකකාර හිමියන් අත්අඩංගුවට ගෙන දැරිය කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇත. 

 

 

එහිදී දැරීය පරීක්ෂා කරන ලද අධිකරණ වෛද්‍ය නිලධාරිනිය වාර්තා කර ඇත්තේ දැරිය දූෂණයට ලක් වී ඇති බවය.

 

 

පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ සැකකාර චීවරධාරියා ගිහි ජීවිතයේ ජයවිර ආරච්චිගේ සුගතපාල නමින් ගුරුවරයෙකුව සිට ඇති අතර, ඔහුගේ බිරිය හෙදියක බවය.

 

 

බිරිය මියයාමෙන් පසු මෙයට වසර හයකට පමණ පෙර මැදි මහනුවර සුගතරතන නමින් පැවිදිවි ඇති සැකකරු තමාගේ විශ්‍රාම වැටුපත් බිරියගේ විශ්‍රාම වැටුපත් ලබා ගන්නා බවද දූෂණයට ලක්වු දැරියගේ පවුලට සැකකරු නිවසක් ඉදිකරවාදී ඇති බවද අනාවරණය වී ඇත.

views

234 Views

Comments

arrow-up