තම දරුවන් නිරුවත් කර ගස් බැඳ මිරිස් කුඩු ගැසූ පියා අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
03

තම දරුවන් නිරුවත් කර ගස් බැඳ මිරිස් කුඩු ගැසූ පියා අත්අඩංගුවට

තම දරුවන් නිරුවත් කර ගස් බැඳ මිරිස් කුඩු ගැසූ පියා අත්අඩංගුවට

තම දරුවන් දෙදෙනා ගස් බැඳ පහරදුන් හැටන් කුඩාගම ප්‍රදේශයේ පියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

ඒ තම 7 හැවිරිදි දියණිය සහ 6 හැවිරිදි පිරිමි දරුවාට සිදුකළ අමානුෂික පහර දීම හේතුවෙනි.

 

එම දරුවන් දෙදෙනාව නිරුවත් කර ගස්බැඳ ශරීරයේ මිරිස් ගල්වා පියා විසින් මෙම පහරදීම සිදුකර තිබේ.

 

එම අවාසනාවන්ත සිද්ධියට මුහුණ දී තිබුණේ හැටන් කුඩාගම ජනපදයේ සමගි මාවතේ වාසය දරුවන් දෙදෙනෙකි.

 

දරුවන් සිව් දෙනෙකුගෙන් යුත් මෙම පවුලේ ගැහැණු දරුවන් තිදෙනෙක් හා එක් පිරිම දරුවෙක් වෙයි.

 

වැඩිමහල් දැරියගේ වයස අවුරුදු 11 වන අතර අනෙකුත් දැරියන් දෙදෙනා වයස අවුරුදු 8 හා 7 වන වියේ පසුවෙයි. පිරිමි දරුවගේ වයස අවුරුදු 6කි.

 

පසුගිය (01) සවස මෙම දරුවන්ගේ පියා විසින් බාල දරුවන් දෙදෙනාට එම පහරදීම සිදුකර තිබුණේ දර මිටියක් රැගෙන සෙල්ලම් කිරීමේ වරදකටය.

 

දරුවන්ගේ වේදනාත්මක කෑ ගැසීම දරාගත නොහැකි අසල්වාසීන් මැදිහත්වී එම අවස්ථාවෙන් දරුවන් දෙදෙනා මුදාගෙන තිබුණි.

 

නිතර බිමත්ව සිටින මෙම පුද්ගලයා තමාට හා දරුවන්ට නිතර පහර දෙන බව බිරිඳ පැවසුවාය.

 

දිනක් මෙම පුද්ගලයාගේ පහර කෑමට ලක්ව තමාගේ අතක් බිඳුණු බවද ඇය සඳහන් කළාය.

 

ඇතැම් අවස්ථාවලදී නිවසේ දොර වසා යකඩ පොලුවලින් පහරදෙන බවද ඇය සඳහන් කරයි.

 

views

1630 Views

Comments

arrow-up