ලොරි - ටිපර් ගැටී අයෙක් මරුට

තඹලගමුව, මොල්ලිපොතන 96 ප්‍රදේශයේදි අද(27) ටිපර් රථයක් හා ලොරිරථයක් ගැටී සිදුවු අනතුරකින් ලොරි රථයේ රියදුරු මියගොස් ටිපර් රථයේ රියදුරු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.
ඩොලමයිට් පටවාගත් ටිපර් රථය ත්‍රිකුණාමලය දෙසට ගමන්කර ඇති අතර සිමෙන්ති පටවාගත් ලොරි රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් ගමන් කරද්දි 96 ප්‍රදේශයේ පාලමක් මත මුහුණට මුහුණ ගැටිමෙන් අනතුර සිදුව ඇතැයි මුලික විමර්ශන වලදී අනාවරණයවී තිබේ.
අනතුර හේතුවෙන් මාර්ගයේ රථවාහන ධාවන කටයුතුවලටද බාධා එල්ලවී තිබේ.
ඩොලමයිට් පටවාගත් ටිපර් රථය අධික වේගයෙන් ධාවනය කර ඇති අතර ලොරියේ ගැටෙනවාත් සමග ඩොලමයිට් අවට විසිරි ගොස් ඇතැයි පොලිසිය කීය.
මියගිය පුද්ගලයාගේ සිරුර තඹලගමුව කෝවිල්අඩි රෝහලේ තැන්පත් කර ඇති අතර තුවාල ලැබූ අය ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ.
734 Views
Comments