මරණයකින් කෙළවරවූ නත්තල් සාදය
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
27

මරණයකින් කෙළවරවූ නත්තල් සාදය

මරණයකින් කෙළවරවූ නත්තල් සාදය

මට්ටක්කුලිය පොකුණුවත්ත ප්‍රදේශයේ පැවැත්වූ නත්තල් සාදයකින් පසු තරුණයකු පිහි ඇනුමකට ලක්ව ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසයි.

 

මිය ගිය තරුණයා මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි අයෙකි.

 

මොහු නත්තල වෙනුවෙන් මිතුරන් සමඟ මත්පැන් සාදයක් පවත්වා ඇති අතර එහි සිටි තරුණයෙකු සමඟ ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මිතුරා විසින් මියගිය තරුණයාට පිහියෙන් ඇන ඇතැයි පොලීසිය කියයි.

 

පිහි ඇනුමෙන් බරපතළ තුවාල ලැබූ තරුණයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

 

මට්ටක්කුලිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

views

802 Views

Comments

arrow-up