බන්ධනාගාර ගතව සිටින සැමියාට ගංජා දෙන්න බිරිඳ ගැසූ ගේම අතටම මාට්ටු

මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටින තම සැමියාට බත් පාසලක සඟවා ගංජා ලබා දීමට උත්සාහ කල කාන්තාවක් බන්ධනාගාර නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්බලන්ගොඩ හිරේවත්ත ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි කාන්තාවකි.
සැකකාර කාන්තාව සැමියාට ලබා දීදීම සඳහා රැගෙන ආ කෑම පාර්සලය බන්ධනාගාර නිලධාරීන් විසින් පරික්ෂා කිරීමේදී එහි මුකුණුවැන්න මැල්ලුම තුළ සඟවා තිබූ ගංජා සොයාගන තිබෙනවා.
සැකකාරිය ඊයේ ගාල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණු අතර ගාල්ල පොලීසිය විසින් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.
813 Views
Comments