“ජනප‍්‍රිය නොවන තීරණ රැසක් ගන්නවා, විවේචන එල්ලවෙයි” - ජනපති

ගෝලීය ආර්ථික අභියෝග ජය ගනිමින් රට සමෘද්ධිය කරා රැගෙන යෑමට ඉදිරියේදී ජනප‍්‍රිය නොවන තීන්දු තීරණ රැසක් ගැනීමට සිදුවනු ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය.
ඒවා විවේචනයට ලක්වුවද නුදුරු අනාගතයේදීම එහි ප්‍රතිලාභ රටටත් ජනතාවටත් අත්වනු ඇතැයි ද ජනාධිපතිවරයා පැවසුවේය.
කෙටිකාලීන අභියෝග ජයගත් පසු ආර්ථික සහන උදාකරගත හැකිවනු ඇති අතර, රට ගැන සිතා අවබෝධයෙන් යුතුව කටයුතු කරන ලෙස තමා සියලූදෙනාගෙන්ම ඉල්ලා සිටින බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.
බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ ඊයේ (26) පස්වරුවේ පැවති “ජනාධිපති අපනයන සම්මාන උළෙල” අමතමින් ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේය.
708 Views
Comments