JAN
15
අක්‍රිය කර ඇති නොරොච්චෝලේ පළමු ජනන යන්ත්‍රය බ්‍රහස්පතින්දා සිට යළි පද්ධතියට

නඩත්තු කටයුත්තක් හේතුවෙන් අක්‍රීය කරන ලද නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය එළඹෙන බ්‍රහස්පතින්දා යළි පද්ධතියට එක් කිරීමට නියමිත බව විදුලිබල මණ්ඩලය පවසයි.
මෙලෙස නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය අක්‍රීය කිරීම හේතුවෙන් ජාතික පද්ධතියට මෙගාවොට් 270ක ධාරිතාවක් මේ වෙන විට අහිමි වී ඇත.
මේ අතර මෙම වසරේ දිවයිනට පැමිණි 03 වන ගල් අඟුරු නෞකාව අද (15) දින පුත්තලමට ලඟා වීමට නියමිත බව වාර්තාවේ.
225 Views
Comments