මල්ලි යවපු රොකට් එක බලන්න නුවරට එන්න – නාමල්ගෙන් ආරාධනා

තම බාල සොහොයුරා වන රෝහිත රාජපක්ෂ මහතා විසින් අභ්‍යකාශ ගත කළ රොකට්ටුව සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සති අන්ත ජාතික පුවත්පතකට අදහස් පළ කර තිබෙනවා.
එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ “මගේ පොඩි මල්ලි අධ්‍යාපනය හදාරලා කොම්පැණියක රාජකාරියට ගියා. අදටත් නුවරට ගිහින් ඔයාට බලන්න පුළුවන් මල්ලි යවපු රොකට් එක යවපු ලැබ් එක එහෙම. බලන්න එතන ආයෝජනයක් වෙලාද නැද්ද කියලා. ඒ සැටලයිට් එක යවපු එකෙන් එන ආදායම ගැන ඒ ආයතනයෙන් අහන්න පුළුවන්” යනුවෙනි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බඩපිස්සා වන රෝහිත රාජපක්ෂ මහතා හෙවත් ‘චිචී’ මහතාගේ මූලිකත්වයෙන් මෙරට ජනතාවගේ බදු මුදල් යොදවාගෙන චන්ද්‍රිකාවක් අභ්‍යාවකාශ ගත කොට 2022 නොවැම්බර් මස 27 වනදාට වසර 10 ක් ගතව සැපිරුනා.
191 Views
Comments