JAN
01
2022 වසර තුළ ඇමරිකාවෙන් මෙරටට ඩොලර් මිලියන 240ක ආධාර

ඇමරිකාව විසින් පසුගිය වසරේ දී ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 240කට වැඩි ආධාර ප්‍රමාණයක් වෙන් කර ඇති බව මෙරට ඇමරිකානු තානාපතිනී ජූලි චංග් පවසයි.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඇය පවසා තිබුණේ ආහාර සුරක්ෂිතතාව, පාසල් දිවා ආහාර අරමුදල්, කුඩා වතු හිමියන් සඳහා පොහොර සහ ගැබිනි මව්වරුන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා එම ආධාර වෙන් කර තිබූ බවයි.
එසේ ම පවතින ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට අවශ්‍ය ණය පුහුණුව සහ ආධාර ඉදිරියටත් ලබාදීමට සූදානම් බව ද ඇමරිකානු තානාපතිනිය පවසා තිබේ.
229 Views
Comments