මාළිගාවත්ත ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක ඝාතනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
11

මාළිගාවත්ත ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක ඝාතනයක්

මාළිගාවත්ත ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක ඝාතනයක්

ඊයේ (11) රාත්‍රීයේ මාළිගාවත්ත ලක්හිරු සෙවණ මහල් නිවාස සංකීර්ණයේ පදිංචි කාන්තාවක් කඩුවලින් කපා කොටා ඝාතනය කිරීට තැත් කර ඇති බව පොලීසිය පවසයි.

 

 

එම නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි 38 හැවිරිදි ''රෝසි'' නම් කාන්තාවක් ඉන් බරපතළ තුවාල ලබා ඇත.

 

 

ඇය නිවාස සංකීර්ණයේ සෝපානය අසල රැඳී සිටියදී එහි පැමිණි දෙදෙනෙක් ඇයව ඒ අසල ඇති නිවසක් වෙත ඇඳගෙන ගොස් කඩුවලින් කපා කොටා තිබේ.

 

 

රෝසිගේ මව සිය දියණියට පහරදෙන අයුරු එම අවස්ථාවේ දැක තිබූ අතර ඇය සිදුවීම පිළිබඳ මෙලෙස අදහස් පළ කරන ලදී.

 

 

"කෙල්ල කිව්වා ඔහොම ඉන්න අම්මේ මම බල්ලාට කන්න දුන්න ද කියලා අනිත් ළමයි දෙන්නත් බලලා එන්නම් කියලා. මේ පැත්ත හැරෙනකොටම කෙල්ලට කරකියා ගන්න දෙයක් නෑ. කපාගෙන කපාගෙන ගියා. කෙල්ල මුණින් අතට වැටුණා. වැටුණ කෙල්ලටත් මන්නා පාරවල් ගැහුවා."

 

 

ඒ අතරතුර 31 හා 33 යන වයස්වල පසුවන සැකකරුවන් දෙදෙනෙක් එම ස්ථානයෙන් පළාගිය ද පසුව දෙමටගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

 

 

එහිදී ඔවුන් සතුව තිබී කඩු දෙකක්, විදෙස් රටක නිෂ්පාදිත අත්බෝම්බයක් සහ යතුරු පැදියක්ද පොලිස් භාරයට ගන්නා ලදී.

 

 

52 හැවිරිදි කාන්තාවක් මෙම සැකකරුවන් දෙදෙනාට සහාය දුන් බව සඳහන් වන අතර අය ද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

 

 

මෙම ප්‍රහාරය සිදුව ඇත්තේ දෙමටගොඩ චමින්දගේ පුත්‍රයා සහ ප්‍රහාරයට ලක්වූ කාන්තාව අතර මත්ද්‍රව්‍ය බෙදාහැරීම සම්බන්ධයෙන් කලක සිට පවතින ආරවුලක ප්‍රතිඵලයක් ලෙස බව දෙමටගොඩ පොලිසිය පවසයි.

 

 

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අද (11) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී.

 

 

පසුව ඔවුන් ජුනි 20 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

 

views

312 Views

Comments

arrow-up