පිරමීඩ ජාවාරමේ යෙදී සිට රටින් පළාගොස් සිටි සැකකරුවෙකු කටුනායකදී දැළේ

පිරමීඩ ජාවාරමක නිරතවී රුපියල් මිලියන 1,800ක මුදල් වංචා සිදුකර රටින් පළාගිය සැකකරුවෙකු අද අලුයම කටුනායක ගුවන් තොටුපොල හිදී අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලාංකිකයෙකු වන 52 හැවිරිදි අදාළ සැකකරු මැලේසියාවේ සිට අද අලුයම යළි ශ්‍රී ලංකාවට පැමිණීමේදී කටුනායක ගුවන්තොටුපොළ තුළදී අත්අඩංගුවට ගෙන ඇත.
පොලීසිය සඳහන් කරන්නේ මෙම සැකකරු පිරමීඩ ජාවාරමක් හරහා පුද්ගලයින්ගේ මුදල් වංචා කර මීට වසරකට පෙර රටින් පළාගොස් සිටි අයෙකු බවය.
මෙම පුද්ගලයා පිළිගැනීම සඳහා ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටි ඔහුගේ බිරිඳව ද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
121 Views
Comments