ප්‍රබල අකුණු පිළිබඳව කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

ඌව, නැගෙනහිර, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව සහ උතුරු පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අද (01) දිනයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවය.
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
125 Views
Comments