රදැල්ලේදී වෑන් රථයක් ලොරියක ගැටී අනතුරක් - අයෙක් ජීවිතක්‍ෂයට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
02

රදැල්ලේදී වෑන් රථයක් ලොරියක ගැටී අනතුරක් - අයෙක් ජීවිතක්‍ෂයට

රදැල්ලේදී වෑන් රථයක් ලොරියක ගැටී අනතුරක් - අයෙක් ජීවිතක්‍ෂයට

කල්මුණේ සයින්දමරුදු සිට නුවරඑළිය දක්වා ධාවනය වූ වෑන් රථයක් ඊයේ(1) පස්වරු 08ට පමණ අනතුරට ලක්ව තිබේ.

 

හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ සමර්සෙට් වත්ත ප්‍රදේශයේදී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

 

අප වාර්තාකරු සඳහන් කළේ, වෑන් රථයේ ගමන් ගත් 17කු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලට මේ වනවිට ඇතුළත් කර ඇති බවයි.

 

කෙසේ වෙතත් අනතුරින් අයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

ලොරි රථයේ තිරිංග ක්‍රියාත්මක නොවීමෙන් අනතුර සිදුවන්නට ඇති බවට පොලිසිය සැක පළ කරයි.

 

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත.

views

140 Views

Comments

arrow-up