ඇල්පිටිය ප්‍රා.සභා බලය මාලිමාවට - සජබයට දෙවැනි තැන
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
27

ඇල්පිටිය ප්‍රා.සභා බලය මාලිමාවට - සජබයට දෙවැනි තැන

ඇල්පිටිය ප්‍රා.සභා බලය මාලිමාවට - සජබයට දෙවැනි තැන

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ බලය ලබා ගැනීමට ජාතික ජන බලවේගය පක්ෂය ඊයේ(26) පැවති ඡන්ද විමසීමේදී සමත් විය.

 

ඒ අනුව ඡන්ද 17,295ක් ලබා සභික ධූර 15ක් එම පක්ෂය ලබා ගත්තේය.සමගි ජන බලවේගය ඡන්ද 7,924ක් ලබා සභික ධූර 06ක් ද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඡන්ද 3,597ක් ලබා සභික ධූර 03ක් ද පොදු ජන එක්සත් පෙරමුණ ඡන්ද 2,612ක් ලබා සභික ධූර 02ක් ද ස්වාධීන කණ්ඩායම් ( 01) ඡන්ද 2,568ක් ලබා සභික ධූර 02ක් ද පොදු ජන එක්සත් නිදහස් සන්ධානය ඡන්ද 1,350ක් ලබා සභික ධූර 01ක් ද ජාතික ජනතා පක්ෂය ඡන්ද 521ක් ලබා සභික ධූර 01ක් ද ලබා ගැනීමට සමත් විය

views

141 Views

Comments

arrow-up