කුඩාවැල්ල ධීවර වරායේ ඇතිවූ ගින්නකින් යාත්‍රා කිහිපයකට හානි

කුඩාවැල්ල ධීවර වරායේ නවතා තිබූ ධීවර යාත්‍රාවක අද ( 21) උදෑසන ඇති වූ ගින්නකින් ධීවර යාත්‍රා තුනකට හානි සිදුව තිබේ.
"තුෂානි" නම් බහුදින ධීවර යාත්‍රාවේ ගින්නක් හටගෙන ඇති අතර එම යාත්‍රාව ගින්නෙන් සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව අප වාර්තාකරු පැවසීය.
එම යාත්‍රාව ආසන්නයේ නවතා තිබූ තවත් බහුදින ධීවර යාත්‍රාවකට සහ කුඩා ප්‍රමාණයේ යාත්‍රාවකට එම ගින්න හේතුවෙන් හානි සිදුව ඇත.
මෙම ගිනි ගැනිම ගැස් කාන්දුවක් විය හැකි බවට පොලිසිය සැක කරයි.
තංගල්ල මූලස්ථාන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
144 Views
Comments